අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ ,යක්වත්ත ව්‍යාපාරික නිවසක ඇතිකළ මැකෝ වර්ගයේ ලක්ෂ හතක් පමණ වටිනා විශාල ගිරවෙකු අලුයම් කාල යේනිවාස පරිශ්‍රයටපැමිණි තරුණ සොරුන් දෙදෙනෙකු එම කූඩුව කඩා එක් කැකොගිරවා සොරකම් කරගන ගොස් ඇති සිද්ධියය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට ලද පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ කූඩුවක මැකෝ වර්ගයේ ගිරව් දෙදෙනෙකු සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු සොරකම් කරගෙන යන ආකාරය ආරක්ෂක කැමරා දර්ශන වලද පටිගත වී ඇති අතර එම සොරකමට පැමිණි දෙදෙනා කොට කලිසම් ඇඳගෙන අයෙකු පිටේ බෑගයක්බෑගයක්ද එල්ලා සිටිමින් මෙම සොරකම සිදු ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විමර්ශන සිදු කරයි.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා