Sri Lanka
හෙම්මාතගම RDB විවෘත වෙයි - ගණුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් රැසක්
2026-05-12 06:36 AM
සමස්ත ගණුදෙනුකාර ප්‍රජාවට නව තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් නව ශාඛාවත් වෙත හෙම්මාතගම ප්‍රාදේශිය සංවර්ධන බැංකුව හෙම්මාතගම නගර මධ්‍යයට පිවිසිම ඊයේ 11 වැනිදා සිදු විය.
හෙම්මාතගම නව ශාඛා පරිශ්‍රය විවෘත කරනු ලැබුවේ එම බැංකු ජාලයේ සාමාන්‍යාධිකාරි ප්‍රධාන විධායක නිලධාරි අසංග තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනයෙන් සභාපති ඒ.ජී ලසන්ත ප්‍රනාන්දු මැතිතුමා විසිනි.
ඉතා ඉඩ පහසුකම් සහිත අලුත්ම ගොඩනැගිල්ලක වාහාන පහසුකම් ඇතුලු ගණුදෙනුකාර ප්‍රජාවට පහසුකම් රැසක් සහිතව විවෘත වු මෙම අවස්ථාවේ ආගමික කටයුතු සිදු කරමින් චාරිත්‍රනුකූලව එහි කටයුතු සිදුකරනු ලැබු අතර මාවනැල්ල ප්‍රාදේශිය ලේකම්තුමිය වන විජානි රත්නසේකර මහත්මිය ප්‍රාදේශිය සභාවේ සහභාති පුතුල උඩගම මහතා ඇතුලු ගණුදෙනුකාර මහත්ම මහත්මියන්ද ප්‍රදේශවාසීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටින ලදි.
හෙම්මාතගම නව ශාඛාවේ වර්තමාන කළමණාකාරිත්ව උසුලනු ලබන්නේ නිමාලි අබේරත්න මහත්මිය වන අතර හෙම්මාතගම මෙම බැංකුව මුලින්ම කෑගල්ල ප්‍රාදේශිය ග්‍රාමීය සංවර්ධන බැංකුව ලෙසින් හෙම්මාතගම ස්ථාපනය කර ඇත්තේ මුලින්ම1992 මාර්තු 02 වැනි දිනයි.

සටහන ජායාරූප සහ විඩියෝ සමන් විජය බණ්ඩාර
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට