Sri Lanka
දුම්රියෙ යන විදේශිකයන්ගේ ගමන් මළුවලට වැඩේ දෙන සැකකරු වකු අලුත්ගමදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් මාට්ටු කර ගනී.
2026-05-08 10:14 PM
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මන්දගාමී හා සීඝ්‍රග්‍රාමී දුම්රිය වල ගමන් ගන්නා විදේශිකයන්ගේ ගමන් මළු සොරකම් කිරීමේ යෙදී සිටි සැකකරුවෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අලුත්ගම දුම්රිය ස්ථානයේදී අල්ලාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියට බාරදීී තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටියේ පදිංචිකරුවෙක් වන සැකකාර පුද්ගලයෙකි.<div> මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ සිටි ආරක්ෂක නිලධාරීන් සැකකරුගේ හැසිරීම පිළිබඳ සෝදිසියෙන් පසුව ඔහුගේ ප්‍රවේශපත්‍ර පරික්ෂා කර බලා ඇත .එහෙත් ඔහුට එදින වලංගු ප්‍රවේශපත්‍රයක් නොතිබූ නිසා සතුව තිබූ ගමන් මල්ලද පරික්ෂා කර ඇත. මෙයට පෙර අවස්ථා කිහිපයකදීම විදේශිකයන්ගේ ගමන්මලු, මුදල් පසුම්බි හා ජංගම දුරකථන නැතිවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබූ නිසා එසේ පරීක්ෂා කර තිබේ. පරික්ෂා කර ගමන් මල්ලේ සැකකරු සන්තකයේ තිබී ඇත්තේ කාන්තාවන්ගේ ඇඳුම් කිහිපයකි.</div><div> මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දුම්රියේ සිටි විදේශිකයකුගේ ගමන් මල්ලක් සොරකම් කරගෙන යන වීඩියෝව සැකකරුට අලුත්ගම දුම්රිය ආරක්ෂක නිලධාරීන් පෙන්වීමේදී ඒතමන් බව පිළිගත් බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසීය.. එහිදී වැඩිදුරටත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ විදේශිකයන්ගේ ගමන්මලු තිබෙන ස්ථානයට වෙනත් ගමන් මල්ලක් තබා විදේශිකයා සතු ගමන් මල්ල රැගෙන යන බවයි. පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් සැකකරු පිළිබඳව සංචාරක පොලිසියට ද දැනුම් දීමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණසඳහා අලුත්ගම පොලිසියට භාරදීමෙන් පසුඅත් අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මොහු තවදුරටත් සිදුකර ඇති සොරකම් රැසක් සම්බන්ධයෙන් වාද්දු ව පොලිසියටද අවශ්‍යව සිටි අයෙකු බව අලුත්ගම පොලිසි ස්ථානාධිපති සම්පත් සංජිව මහතා පැවසීය. මෙම සැකකරුවාව ලුත්ගම දුම්රිය ආරක්ෂක නිලධාරීන්වන ආර්.අමරසිංහ(91199) කාන්තා නිලධාරිනි දීපානි(91159) දිනූෂා ගුණතිලක(91312) දුම්රිය කාර්ය සායක රුද්‍රිගු මදුශංක යන මහත්ම මහත්මීන් සිය භාරයට ගැන පොලිසිය හමුවට පමුණුවා තිබේ.</div>
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට