රුපියල්තුන් ලක්ෂ පනස්දාසක කෙරළ ගංජා තොගයක් දර්ගා නගරයෙ බොන්දුපිටිය නිවසකින් අත්අඩංගුවට.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද(8) පස්වරුවේපොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ නිලධාරින් සමඟ එක්ව , දර්ගානගරය බොන්දු පිටිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හේන ගංගොඩ බොන්ඩුපිටිය ප්‍රදේශයේපුද්ගලයකුගෙ නිවසේ තිබියදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 932ක් (වටිනාකම රු: 350,000ක් පමණ) සමඟ සැකකාරපුද්ගලයා අත්අඩංගුවට දත් බව කීහ.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා වැලිපැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, 09 වන දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා