Sri Lanka
බේරුවල ප්‍රාදේශීය සභා මාර්ගයකට යතුරු පැදි ගරාජයක අබලි ද්‍රව්‍ය බැහැර කර කැන්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගනියි.
2026-05-07 09:23 AM
බේරුවල පොලිස් වසමට අයත් බේරුවල ප්‍රාදේශීය සභා සීමාවේ පිටවල මුංහේන මාර්ගයට නීති විරෝධී ලෙස පරිසර නීතිනොතකා යතුරු පැදිගරාජයක ප්ලාස්ටික් පොලිතින් වීදුරු ඉවතලන ලිහිසිතෙල් සහිත අපද්‍රව්‍ය කැන්ටරයක් මාර්ගයට බැහැර කර එම රථයේ හිමිකාර රියදුරා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය ඊයේ (6)පැවසීය. මෙලෙස අප ද්‍රව බැහැර කර ඇති බවට බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුවන චරිත ගුණතිලක මහතා මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට පෙර දින කළ දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක බේරුවල පොලිසිය එම කසල බැහැර කර ස්ථානයට ළඟා වී සිදුකළ විමර්ශන වලින්පසු එම ස්ථානයේ තිබුණු ලියකියවිලි පරීක්ෂා කරවීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී මෙම ලොරි රථය හඳුනාගැනීමට හැකිවු බව බේරුවල පොලිසියේපරිසර අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්ත සිල්වා මහතා සඳහන් කළහ. පසුව එලෙස බැහැර කර අපද්‍රව්‍ය පොලිසිය මැදිහත්ව එම ලොරියේම පටවා පොලිසිය භාරයට ගෙන තිබේ. මෙම සැකකාර රියදුරා හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි අලෙවිසැලක් පවත්වන වැලි පැන්න පොලිස් බල ප්‍රදේශයේ පදිංචි42හැවිරිදි අයෙකු බවත් ඔහු කුලී පදනම මත යාබද යතුරුපැදි ගරාජයේ අපද්‍රව්‍යය කුලී පදනම මත මුදල් ගෙන මෙලෙස මහා මාර්ගයට බැහැර කර ඇත. ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක් ද දක්වනු දැක ගතහැකි විය. අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා අද(6) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සහකාර පොලිස් අධිකාරි චන්ද්‍ර පද්මලාල්,බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සිරියන මහත්වරුන්ගේ උපදෙස් මත පරිසර අංශස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්ත සිල්වා, පොලිස් පරීක්ෂක සි. තෙන්නකෝන්(අධිකරණ කටයුතු )එම ඒකකයේ උප පොලිස් පරීක්ෂකසුසන්ත මාපලගම, රථවාහන පොලිස් සැරයන් වරුන් වන අමල්(61911) ප්‍රියාන්(72804) යන මහත්වරු පරීක්ෂණ සිදු කරයි.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට