Sri Lanka
වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට
48 | 2025-07-20 12:28 PM
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත්තේය. මේ සියලු ආහාර අපි ගන්නේ සබන් ගා අත් සෝදාගෙනයි. මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇති අතර මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි. ඒ වස විස ගැසිමේ සීමාවක්ද නැත. අනුකම්පාවක්ද නැත. මේ වස ගහපු දේවල් කන්න තමයි දැන් ඉන්න පුංචි දරුවෝ පවා කැමැති. වර්තමානයේ තරුණ කාන්තාවන් උයන්න පිහන්න තියෙන කම්මැලිකම නිසාවෙන් හවසට කඩෙන් කන්න උදෑසන දහවල් කඩෙන් කන්න පුරුදු වි ඇත්තේය. මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි. මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති.
පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700කින් වස තැන්පත්වී ඇත. කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය. ඒවා පැකට් කර නිකුත් කරන අතර ඒ ගැන සොයා බැලිමට කිසි කෙනෙක්ද ඇත්තේ නැත. බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය. ඒ නිසා කොයි තරම් ඒවාට සුළං වැදුනත් පෙගෙන්නේද නැත. කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි. එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි ගඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.
පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි. ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය.පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි.
යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරිලවැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි. ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති. කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය. සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි ගඒවා දැල්ලෝල ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසායග. සුප් කැටය යනු වස කුට්ටියකි.

සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි. අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත. මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි ග එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය. පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය. දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි. මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇතග එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇතග දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි ග දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැකග තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැකග දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැකග අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි. අපේ රටේ සෞඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖෂධ වලට වන අතර 100 ආනයනික ඖශධ. කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද. රනිල් මුදුන්කොටුව

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර