Sri Lanka
අඹලන් පාලම ගැන බලධාරීන්ගේ අවදානයක් නැහැ.
2026-04-29 05:22 PM
මහවැව සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල ආසන්නයේ ඇති පාළමක් කඩා වැටී මාස 06 කට වැඩි කාලයක් ගත වී ඇතත් එය නැවත පිළිසකර කිරීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
ඉහළ මහවැව ගම්මානය හරහා ඇති දම්වැල් අගාර නම් ඇල මාර්ගය හරහා මීට වසර 100 කට පමණ පෙර කුඩා ප්‍රමාණයේ පාළම් 03 ක් ඉදිකර ඇත. ඒ ඉහළ මහවැව සහ වීහේන ගම්මාන එකට යා කරමිනි. මෙම පාළම් භාවිතා කරමින් දිනකට විශාල ජනතාවක් එහා මෙහා යති ඒ අතර පාසල් දරුවන් රජයේ සේවකයින් මෙන්ම විවිධ ව්‍යාපාරිකයින්ද වේ.
මෙම පාළම් තුනෙන් එකක් පිහිටා ඇත්තේ මහවැව සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල ආසන්නයේය සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති පාසල ඉදිකර ඇත්තේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන සෝලියස් මෙන්දිස් මහතා විසිනි එම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැදී සිටින පාසලට දිනපතා ජනතාව පැමිනෙති ඒ විවිධ දාන මාන කටයුතු සදහාය එසේ පැමිනෙන පිරිස් මෙන්ම ප්‍රදේශයේ ජනතාව බහුතරයක් දෙනිකව මෙකී පාළම මතින් එහා - මෙහා ගමන් කර ඇත.
මීට මාස 06 කට පමණ පෙර මෙම පාළම හදිසියේම කඩා වැටුනේයගඒ පාළම මතින් ගමන් කරමින් තිබූ ලී කොට තොගයක් පැටවූ ලොරි රථයක්ද සමගය. පාළමට සිදුවූ අලාභය ලොරි රථයේ හිමිකරු විසින් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවා තම රථය මුදා ගෙන ඇති බවද ප්‍රදේශවාසීන් කියයිගපාළමට සිදුවූ අලාභය අය කර ගෙන ඇතත් එය නැවත පිළිසකර කරන්නට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත. පාළම කඩා වැටීම නිසා සිදුවී ඇති අපහසුතාවය සම්බන්ධයෙන් සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලේ සභාපති ප්‍රින්ස්ලි වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.
සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලේ ගුරුවරු ගුරුවරියන් 28 දෙනෙකු සේවය කරනවා මේ සියළුම දෙනා පාසලට පැමිණිය යුත්තේ කඩා වැටී ඇති මෙම පාළම මතින්පාළම කඩා වැටීම නිසා එම ගුරුවරුන්ට මෙන්ම ප්‍රදේශයේ ජනතාවටත් එහා මෙහා යාමට නොහැකි වුණා ඒ නිසා ගම්වාසීන් විසින් කඩා වැටී ඇති පාළම මතින් තාවකාලිකව ඒදණ්ඩක් යොදා පිළියමක් සකස් කර තිබෙනවා නමුත් වාහන ගමන් කරන්න හැකියාවක් නැහැ.
මේ නිසා ජනතාවට සිදුවී තිබෙනවා විශාල දුරක් ගෙවා තමන්ගේ කටයුතු කර ගන්න අපි මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැණුවත් කලා නමුත් තවම ප්‍රතිඵලයක් නෑගකඩා වැටී ඇති පාළම මෙන් තවත් පැරණි පාළම් 02 ක් මේ ප්‍රදේශයේ තියනවාගකුමන මොහොතක හෝ ඒ පාළම්ද කඩා වැටීමට ඉඩ තිබෙනවා එහෙම වුනොත් මහවැව සිට වීහේන ගම්මාන දෙකට බෙදී යනවා අපි කියන්නේ මේ පාලම කඩිනමින් හදලා ජනතාවට බාර දෙන්න කියන එකයි”.
ඉහළ මහවැව ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති මැක්මිලන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. කඩා වැටී ඇති පාළම දැන් දැඩි අනතුරු දායක තත්ත්වයට පත් වෙලා තියනවා රාත්‍රී කාලයට මෙම ස්ථානය දැඩි ලෙස අදුරුයි නොදන්නා කෙනෙක් ආවොත් අනිවාර්යෙන්ම අනතුරුට පත් වෙනවා පසුගිය දිනවල යතුරු පැදි දෙකක් කඩා වැටී ඇති පාළමෙන් පහළට පෙරළී අනතුරු සිදු වුණා අනතුරට පත්වූ දෙදෙනා ජීවිත ගලවා ගත්තේ අනූ නවයෙන් කිව්වොත් නිවැරදියි.
පාළම කඩා වැටුනේ ලී තොගයක් පටවාගෙන පැමිණි ලොරියක් හේතුවෙන්ග අපිට දැන ගන්න තියන විට එම ලොරි රථයේ රියදුරු පාළමට සිදුවූ අලාභය ලෙස රුපියල් ලක්ෂ 06 ක පමණ මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවලා තියනවා.
අපි මේ සම්බන්ධයෙන් වගකිව යුතු සෑම කෙනෙකුටම කිව්වාගලිපි ලිව්වාගඒත් තවම පළක් වෙලා නෑ අපිට වගකිව යුත්තන්ගෙන් අහන්න තියෙන්නේ තවත් අනතුරක් සිදු වෙන තුරුද බලා ගෙන ඉන්නේ කියන කාරණය පමණයි”.
වී හේන ගම්මානය තුළ අති විශාල පවුල් ප්‍රමාණයක් ජීවත් වේගඔවුන්ගෙන් බහුතරයක් රාජ්‍ය සේවකයින් මෙන්ම ව්‍යාපාරිකයින්ය එමෙන්ම පාසල් දරුවන් විශාල පිරිසක්ද දිනපතා අබලන් වී ඇති මෙම පාළම මතින් ගමන් කරන බවක් දක්නට ඇතගහෙට දිනයේ තවත් අනතුරක් සිදු වන්නට පෙර කඩිනම් පිළියමක් යෙදීම වගකිව යුත්තන්ගේ යුතුකම මෙන්ම වගකීමද බව අපි අවධාරණය කර සිටිමු

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට