Sri Lanka
ජනමාධ්‍ය ඇමැති පැමිණි කළුතර ජනමාධ්‍ය වැඩමුළුව
2026-04-29 05:16 PM
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා ජන මාධ්‍යවේදයේ වෘත්තීය භාවය සහ නෛතික පසුබිම සම්බන්ධයෙන් වැඩමුළුවක් ඊයේ( 29)දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. . කළුතර දිස්ත්‍රික්කය පුරා විහිදී සිටින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදීන් 25 දෙනකුමේ සඳහා එක්ව සිටි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තොරතුරු නිලධාරීන් පිරිසක් ද එක්වසිටියහ. වැඩමුළුව සඳහා සහභාගී වන සියලුම මා මාධ්‍යවේදීන්ට සහතිකපත්‍රයක්ද නිකුත් කරන බව කළුතරදිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කළහ. මේ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය මෙම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්ව සිටි අතරකළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, නීතිඥ ජගත් ලියනගෙ, ජේෂ්ඨ මාධ්‍යවේදී ට්.එම් ජි චන්ද්‍රසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට