Sri Lanka
අලුත්ගම පොලිසිය සංවිධානය කරපු ලස්සන අවුරුදු උත්සවය
2026-04-29 04:57 PM
පැය කීපයකට නිල ඇඳුමෙන් නිදහස් වී අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට තම පවුලේ සමීපතයින් සමඟ අවුරුදු සැමරීමේ උළෙලකට එක්වන්න අලුත්ගම පොලිසිය කටයුතු කර තිබිණ.
සිංහල හින්දු අලුත් අවුරුදුඋදාව නිමිත්තෙන් නිවාඩු නොලබා රාජකාරි නිවුතුව සිටි අලුත්ගම පොලිස් ස්ථානයෙ සියලුම නිලධාරීන්, පවුල්වල සාමාජික සාමාජිකාවන් හා දරුවන් වෙනුවෙන් අලුත්ගම පොලිස් ස්නාධිපති සම්පත් සංජීව මහතා ඇතුළු නිලධාරින් අවුරුදු උළෙලක් සංවිධානය කර එම අයට සතුටුව්විනෝද වීමට අවස්ථාව සලසා තිබිණ.
අවුරුදු උත්සවය හා සුහද හමුව දර්ගා නගරය කොස් වත්ත ගොඩ හිල්වීව් උත්සවශාලාවෙදි කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්ව්ය.. කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී2, රමිදු සිල්වා, සහකාර පොලිස් අධිකාරිවරුන් වන චන්ද්‍ර පද්මලාල්, ඉනෝකා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් සහභාගි වූ මෙම උළෙලෙදි අවුරුදු ක්‍රීඩා රැසක් පැවති අතර ජයගත් සමග තිළිණ ප්‍රධානයන්ද සිදු කළහ. කුඩා දරුවන් සහ තරුණියන් එක්වු අවුරුදු කුමරිය තරගය විශේෂත්වයකි.
එම අවස්ථාව අමතන කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී කෙ.ඒ. උදය කුමාර, අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහත්වරුන් . ඇතුළු අවුරුදු උළෙලහි විෂුවල් යොමු කර තිබේ. අවස්ථාවට පැමිණි කිසිම නිලධාරියකු නිල ඇඳුමෙන් නොසිටීමදද විශේෂයකි

තුසිත කුමාර ද සිල්වා

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට