විදුලි බලය නොමැතිව දින තුනක් තිස්සේ අපහසුතාවයන් රැසක් මැද හෙම්මාතගම ගම් දෙකක විශාල පිරිසක් පිඩාවට පත් වි තිබෙනවා.
මෙලෙස පිඩාවට පත්ව ඇත්තේ හෙම්මාතගම පල්ලිපොරුව සහ පෙතිගම්මන යන ගම්මාන වල ජනතාවයි. මේ නිසා නිවාස 550 කට ආසන්න ප්‍රමාණයක ජිවත් වන බොහෝ දෙනෙක් අපසුතාවයට පත් වි තිබෙනවා.
විදුලිය උපයෝගි කර ගෙන විවිධ කර්මාන්ත වල නියලෙන බොහෝ පිරිසක්ද මේ නිසා අපසුතාවයන් වලට මුහුණ දී සිටින අතර සමහර කර්මාන්ත වල බාගෙට වැඩ කරන ලද අමුද්‍රව්‍ය වලටද හානි සිදු වි තිබෙනවා.
පාසල් දරුවන්ගේ සහ රැකියා වලට යන අයට මේ නිසා දෛනිකව බධා එල්ල වි ඇති අතර තවද ප්‍රදේශයේ නිවාස වලට මෙන්ම වෙළෙඳ සැල් වල ආරක්ෂාවටද මෙය බධාවක් විම නිසා සමහර ගම්මුන් එළීවෙන තෙක් නිදි වර්දිතව කාලය ගත කිරීමට සිදු වි ඇත.
ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් හෙම්මාතගම විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට මෙන්ම මාවනැල්ල යන මධ්‍යස්ථාන වල ප්‍රධාන නිලධාරීන් දැනුවත් කර ඇති අතර නමුත් මේ සඳහා විසදුමක් තාමත් ඔවුන්ට ලැබි නැති බවයි එහි ගිය ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත පවසා සිටියේ.
කෙසේ වෙතත් අප කරන ලද විමසිමකදි ඔවුන් පැවසුයේ අදාල ගම් දෙකට විදුලිය ලබා දෙන විදුලි ට්‍රාන්ස්පොමරයක් ක්‍රියා විරහිත වි ඇති බවයි. එහි ක්‍රීයාාකාරීත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව හැකි ඉක්මනින් ඒ සඳහා විදුලි ට්‍රාන්ස්පොමරයක් ගෙනවිත් දමා හෝ විදුලිය ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.