Sri Lanka
හෝමූස් යළි වැසෙයි
2026-04-18 03:22 PM
හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති "දැඩි කලමනාකරණ" තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසා ඇත.

අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ද මීට පෙර අනතුරු අඟවා තිබුණේ, අමෙරිකාව සිය වරායන් අඛණ්ඩව අවහිර කළහොත් හෝමූස් යළි විවෘතව නොපවතිනු ඇති බවය.

ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන 'IRIB' මීට පෙර නිවේදනය කර තිබුණේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.

මෙම සතිය මුලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධනේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පවසා සිටියේ, ඉරානය වෙත පැමිණෙන සහ ඉරානයෙන් පිටව යන සියලුම නෞකාවන්ට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර නොමැති බවය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට