Sri Lanka
මා ඔයේ මිය ගිය මාළුවන් පා වෙයි.
2026-04-18 01:31 PM
මා ඔය ආරම්භ වන අරණායක අසුපිණි ඇල්ල සහ හොරේවල අතර කොටසේ මාළුවන් සහ ආදා යන සත්ව විශේෂය ඇතුලු සතුන් විශාල ප්‍රමාණයක් මිය සතියක පමණ කාලයක සිට මිය ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි බව ප්‍රදේශවාසීන් අද එහි ගිය මාධ්‍යවේදීන්ට පැවසීය.
ඔවුන් සැක කරන්නේ රසායනික ද්‍රව්‍යයක් හෝ වෙනත් විෂ වර්ගයක් ජලය සමග මුසු විම නිසා මෙය සිදු වන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් පවා දැනුවත් කර ඇති බවද ඔවුන් පවසයි.
මධ්‍යම පළාතෙන් අරම්භ වන අසුපිණි ඇල්ලේ ජලයෙන් ආරම්භ වි මහ මුහුද දක්වා ගලා ගෙන එන මේ ජලය ආරම්භක ස්ථාන රැසකින් පානීය ජල ව්‍යාපෘති රැසක් ක්‍රීයාත්මක වන අතර කුඩා විදුලි බලාගාර තුනකට පමණ ජලය ලබා ගනී.
ඉතා සංවේදි කදු සහිත සුන්දර පරිසරයකින් ගලා ගෙන පැමිණෙන මෙම ජලයේ ජීවත් වන සතුන් මෙලෙස මිය ඇදිම පානිය ජලය ලබා ගන්නා අයට මෙන්ම දිය නෑම සඳහා පැමිණෙන බොහෝ පිරිසකටද මෙම ජලයේ පවතින තත්වය නිසි පරීක්ෂාවට ලක් කරන තෙක් ගැටලු සහගත තත්වයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මා ඔය කුඩා ඔය සුරකිමේ සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාල මහතා පවසන්නේ. මා ඔයට දිය නෑමට බොහෝ පිරිසක් පැමිණෙන අතර සමහර පිරිස් මෙහි නැවති උයා පිහා ගෙන දියේ නා සතුටු වි මත්ද්‍රව්‍ය සාද පවා පවත්න අතර සමහර සංචාරකයන් මෙහි මාළු අල්ලා ඒවා උයා පිහා ගෙන කෑම පුරුද්දක් කර ගෙන සිටින නිසා ඔවුන් විසින් යම් රසායින ද්‍රව්‍යයක් ජලය සමග මුසු කිරිමෙන් වු හානියක්ද යන්න සොයා බැලිය යුතු බවයි. තවද තේ වගා කිරීමට මෙන්ම විවිධ ගොවි තැන කරන මධ්‍යම පළාතේ පිරිස් සහ සබරගමු කොටසේ අය විසින් වගාවන් සඳහා යොදා ගත් ද්‍රව්‍යයක් ජලය මුසු විමෙන් සොයා බැලිමට බලධාරීන් අවදානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බව එම සංවිධානය පවසයි.
අරණායක ඇසුපිණී ඇල්ලෙන් ආරම්භ වන මා ඔය අරණායක, මාවනැල්ල, පින්නවල, රඹුක්කන හරහා මහ මුහුද දක්වා ගලා බසින්නේ බොහෝ පානිය ජල අවශ්‍යතාවයන් මෙන්ම සතා සිව්පාවන්ට සෙත සලසමින්ය.
ජායාරූප සහ සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට