Sri Lanka
දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා වැවට බිලි වෙයි.
2026-04-18 10:04 AM
මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්‍රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක තිබේ.

එම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් මෙහිදී අවුරුදු 11 හා 12 වයස්වල පසුවන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැත.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට