යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි 54 හැවිරිදි පුද්ගලයෙකුට දිවි අහිමි විමේ අවාසනාවන්ත සිදුවිමක් ඊයේ 15 වැනි දින හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
මෙලෙස දිවි අහිමි වි ඇත්තේ හෙම්මාතගම එරමිණිගම්මන ගමේ මුල් පදිංචිව සිට දැනට ගම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටින දෙදෙරු පියෙක් වන ඩබ්.එම්.වීරසිංහ යන අයයි.
හෙම්මාතගම පොලිසිය පවසන්නේ 16 හැවිරිදි තරුණ පිරිමි දරුවන් දෙදෙනෙක් යමින් සිටි යතුරු පැදියේ අපරික්ෂාකාරි රිය ධාවනය මෙම අනතුර සිදු විමට බලපා ඇති බවයි. මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ ගෝනාවල මං සන්දියේ සිට ගම්පොල මාර්ගය දෙසට ධාවන වු යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටි මෙම අනතුර සිදු වි තිබුණි.
හෙම්මාතගම පොලිසිය පවසන්නේ ගෝනාවල දෙස සිට ගමන් කර යතුරු පැදිය පැද වු රියදුරා වයස අවුරුදු 16 වන අතර ඔහුට රියදුරු බලපත්‍රයක් හෝ එහි පිටුපසින් ගමන් කර 16 හැවිරිදි තරුණයාටද ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බවයි.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ ඇති යතුරු පැදියේ දෙදෙනාද හිස් වැසුම් නොමැතිව ධාවන කර ඇති අතර මුහුණට මුහුණ ගැටිම නිසා හිස ප්‍රදේශයට වු බරපතල හානි විමෙන් මෙම මරණය සිදු වි ඇති බවද පොලිසිය පවසයි. බරපතල තත්වයේ තුවාල ලබා සිටි 16 හැවිරිදි තරුණයන් දෙදෙනා සහ ප්‍රතිවිරුද්ධ යතුරු පැදියේ පිටුපසින් පැමිණ අය මේ වන විට මාවනැල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුන්ද බරපතල ලෙස තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
මිය ගිය වීරසිංහ යන අයගේ මුල් නිවස එරමිණිගම්මන ගම්මානයේ පිහිටා ඇති අතර දහවල් ආහාර ගැනීමෙන් පසුව අයිස් ගෙන එමට ගෝනාවල වෙළෙඳ සැල වෙත ඔවුගේ සහෝදරයා සමග යමින් සිටියදි ඔවුන් ගමන් කර දිශාවෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පැමිණි යතුරු පැදිය මුහුණට මුහුණ ගැටි තිබුණි.
කෙසේ වෙතත් මෙම මාර්ගය අතුරු මාර්ගයක් නිසා තරුණයන් රේස් පැදිමට මෙන්ම බයිසිකල් තනි රෝදයෙන් එලවිම සහ ත්‍රීවිල් රථ එක් පැත්තක් ඔසවා යන කටයුතු වලට නිරන්තරයෙන් භාවිතා කරන මාර්ගයක් වන අතරම ගෝනාවල සිට බලත්ගමුව දක්වාම කොටස මෙවැනි කටයුතු වලට නිරන්තරයෙන් යොදා ගන්නා බැවින් මහජනතාව නිරන්තරයෙන් ඉතාම අපරික්ෂාකාරි තත්වයකින් මහ මග ගමන් කරන බව ප්‍රදේශවාසීන් පවසති. මේ සඳහා පොලිසිය මැදිහත් වි අවශ්‍ය නිතීමය කටයුතු සිදු කර දෙන මෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි.
එමෙන්ම මෙම මාර්ගයේ දැව සහ හොර වැලි ජාවාරම්ද රැසක්ද සිදු වන බව ප්‍රදේශවාසීන් පවසති.
මෙම අනතුරු සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති යු.ජී.චමින්ද ගුණරත්න මහතා ඇතුලු රථවාහාන අංශයේ ස්ථානාධිපති වික්ටර් මහතා ඇතුලු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.
ජායාරූප සහ සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර