Sri Lanka
ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් fපයිසාල් මහතා ගමන් කරමින් තිබූ මෝටර් කාර් රථය අනතුරකට පත්ව ඇත.
2026-03-31 11:01 AM
29 වැනිදා රාත්‍රී 11.30 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට මෝටර් කාර් රථය තුළ සිට ඇත්තේ මන්ත්‍රීවරයා පමණි. අනතුරින් මන්ත්‍රීවරයාට හානියක් සිදුවී නැත. නමුත් අනතුරත් සමග ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මන්ත්‍රීවරයා හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මන්ත්‍රීවරයා පදවා ඇති මෝටර් කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි. මන්ත්‍රීවරයා කොළඹ සිට පුත්තලම දක්වා ගමන් කරමින් සිටින විට අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

fපයිසාල් මොහොමඩ් මන්ත්‍රීවරයා ගමන් කරමින් තිබූ මෝටර් කාර් රථයක් මීට මාස කීපයකට පෙර නාත්තන්ඩිය - කොච්චිකඩේ මාර්ගයේ හාල්දඩුවන ප්‍රදේශයේදී අනතුරක් සිදුවී තිබුණි.

එම අනතුරින් යතුරු පැදිකරුවෙකු මරුමුවට පත් විය.

ජූඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට