Sri Lanka
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි නොකරන බවට නිෂ්පාදන හිමිකරුවන්ගෙන් සහතිකයක්
2026-03-27 01:30 PM
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහතික විය.

එම සංගමයේ නියෝජිතයන් ඊයේ(26) අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.

මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇති කර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා<br>තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණි.

පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

ගෝලීය තත්ත්වය විසින් ඇති කර තිබෙන බලපෑම තුළ මෙරට බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැකගනිමින්, පාරිභෝගිකයා ද පීඩාවට පත්වීම අවම වන ලෙස කළමනාකරණය කරගැනීම රජයේ අපේක්ෂාව බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.


මෙම අසීරු අවස්ථාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා දීමට රජය මැදිහත්වීමට සූදානම් බවත්, දුෂ්කරතා මධ්‍යයේ වුවද පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා සදහන් කළේය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට