Sri Lanka
අඛණ්ඩව දෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ ජයග්‍රාහී ගමනක
2026-03-25 05:27 PM
අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 797.62ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,868.85ක් ලෙසින් සටහන් වුයේ පෙර දිනයට සාපේක්ෂ =ව 3.79%ක කැපීපෙනෙන ඉහළ යාමක් සමගිනි.

ඊයේ (24) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 706.26ක ඉහළ යාමක් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 225.00ක ඉහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර නැවත වතාවක් එහි අගය ඒකක 6,000 සීමාව යාමට අද දින සමත්විය. ඒ අනුව ඒකක 6,134.23ක් ලෙසින් ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශක අගය සටහන්ව තිබුණි

අද දින රු. බිලියන 6.41ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට