Sri Lanka
2026 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවයි
2026-03-24 03:47 PM

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, සියලු අයදුම්කරුවන් www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්, තම පාසලේ විදුහල්පති මගින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම්පත් යොමු කළ යුතු බව සඳහන් වේ.

විදුහල්පතිවරුන් තමන් වෙත ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර, අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගැනීමද අත්‍යවශ්‍ය බව දැනුම් දී ඇත.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දිගු නොකරන බැවින්, නියමිත කාලය තුළ අයදුම් කිරීම සඳහා කටයුතු කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටී.

මෙම කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා 1911 හෝ 0112785922, 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක හරහා හෝ gcealexam@gmail.com වෙත විද්‍යුත් තැපැල් මඟින් සම්බන්ධ විය හැකිය.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට