Sri Lanka
තාවකාලිකව අත්හිටවූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යළි ඇරඹෙයි.
2026-03-24 01:23 PM
පද්ධතියේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් නැවත ආරම්භ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද (24) උදෑසන 11 සිට නැවත සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (23) දිනයේ දී මෙම බිඳවැටීම සිදුව තිබුණු අතර අද දිනයේ මහජන සේවාවන් ලබාගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

එවන් පසුබිමක අද උදෑසන සිටම විශාල පිරිසක් එම පරිශ්‍රයේ රැඳී සිටි අතර එහිදී කලබලකාරී තත්ත්වයක්ද ඇති වුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට