Sri Lanka
වෙල්යායේ දමාගිය බිලිඳිය දරුකමට ඉල්ලා ඇමතුම් දහස් ගණනක් මාවතගම පොලිසියට ලැබෙයි
30 | 2025-07-19 11:10 PM
කුරුණැගල මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ වෙල්යායක ගසක ලග අතහැර දමාගොස් තිබු බිලිඳිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර තිබුණු අතර එම දැරිය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ පසුවෙන අතර සන්කූලතා ඇත්දැයි පරීක්ෂණ සිදු කරනවා. රෝහල් ආරච්චි මාර්ග පවසන්නේ බිළිදිය මේ වන විට හොඳ ශරිර සෞඛ්‍යයෙන් පසු වෙන බවයි.

කෙසේ වෙතත් බිළිඳිය වෙල්යායට ගෙනවිත් දැම්මේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වි නැහැ. එය සොයා ගැනීමට මේ වන විට පොලිසිය ප්‍රදේශයේ සිසීටිවි කැමරා පරීක්ෂා කරමින් විමර්ශන සිදු කරන අතර මෙවන් පසුබිමක මෙම දැරිය දරුකමට සදා ගැනීමට දෙස් විදෙස් රට වල ශ්‍රී ලාංකීකයන්ගෙන් දුරකථන ඇමතුම් මාවතගම පොලීසිය වෙත දහස් ගාණනක් ලැබුණු අතර තවමත් එම දුරකථන පණිවිඩ ලැබෙන බව මාවතගම පොලිසියේ උසස් නිලධාරීයෙක් මාධ්‍ය වෙත පැවසීය.
එම නිලධාරීයා පැවසුයේ දරුවන් නැති මව්පියන් සහ කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, ඇමරිකාව, සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචි ශ්‍රී ලාංකීයන් රැසක්ද දුරකථන ඇමතුම් ලබා දුන් බවයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර