Sri Lanka
වෙල්යායේ දමාගිය බිලිඳිය දරුකමට ඉල්ලා ඇමතුම් දහස් ගණනක් මාවතගම පොලිසියට ලැබෙයි
2025-07-19 11:10 PM
කුරුණැගල මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ වෙල්යායක ගසක ලග අතහැර දමාගොස් තිබු බිලිඳිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර තිබුණු අතර එම දැරිය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ පසුවෙන අතර සන්කූලතා ඇත්දැයි පරීක්ෂණ සිදු කරනවා. රෝහල් ආරච්චි මාර්ග පවසන්නේ බිළිදිය මේ වන විට හොඳ ශරිර සෞඛ්‍යයෙන් පසු වෙන බවයි.

කෙසේ වෙතත් බිළිඳිය වෙල්යායට ගෙනවිත් දැම්මේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වි නැහැ. එය සොයා ගැනීමට මේ වන විට පොලිසිය ප්‍රදේශයේ සිසීටිවි කැමරා පරීක්ෂා කරමින් විමර්ශන සිදු කරන අතර මෙවන් පසුබිමක මෙම දැරිය දරුකමට සදා ගැනීමට දෙස් විදෙස් රට වල ශ්‍රී ලාංකීකයන්ගෙන් දුරකථන ඇමතුම් මාවතගම පොලීසිය වෙත දහස් ගාණනක් ලැබුණු අතර තවමත් එම දුරකථන පණිවිඩ ලැබෙන බව මාවතගම පොලිසියේ උසස් නිලධාරීයෙක් මාධ්‍ය වෙත පැවසීය.
එම නිලධාරීයා පැවසුයේ දරුවන් නැති මව්පියන් සහ කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, ඇමරිකාව, සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචි ශ්‍රී ලාංකීයන් රැසක්ද දුරකථන ඇමතුම් ලබා දුන් බවයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට