Sri Lanka
2025 අයවැය හිඟය 63%කින් පහළ යද්දී ප්‍රාථමික ගිණුමේ ශේෂය 170%කින් ඉහළට
2026-03-23 02:32 PM
2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ දී රු. බිලියන 1,755.81ක් ලෙසින් වාර්තා වී ඇත. 2024 වසරේ දී රු. බිලියන 649.57ක ශේෂයක් ප්‍රාථමික ගිණුමෙන් වාර්තා වී තිබුණු අතර ඒ අනුව 170.30%ක වර්ධනයක් එහි සටහන්ව ඇත.

2025 වසරේ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 5,485.55 ක් දක්වා 34%කින් ඉහළ ගොස් තිබුණු අතර එහිදී බදු ආදායම රු. බිලියන 4,030.84 සිට රු. බිලියන 5,449.40ක් දක්වා 35%ක සුවිශේෂී ලෙස ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දැක්වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට