Sri Lanka
ආසියානු සංවර්ධන බැංකුවෙන් 2026 දී ඩොලර් මිලියන 620ක් ලැබෙන්නේ මෙහෙමයි
2026-03-17 03:14 PM
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති පාදක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟතාව ලබා දී තිබේ.

ඒ අනුව, පහත දැක්වෙන උප වැඩසටහන් 05 යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක් සම්පාදනය කර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

  • වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100.
  • ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ශක්තිමත් සහ ඇතුළත් මුල්‍ය පසුබිමක් ගොඩනැගීමේ වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 220.
  • ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100.
  • ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා අවස්ථාව ලබා දීමේ සංවර්ධන වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100.
  • කෘෂිකාර්මික වටිනාකම් දාම මුල්‍යකරණය සහ වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතිය - ඇමෙරිකානු ඩොලර් මිලියන 100.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට