Sri Lanka
සෙනසුරාදා රාත්‍රියෙන් සතියේ QR කෝටාව අවසන්.
2026-03-17 01:33 PM
මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත අලුත් වන්නේ ඉරිදා දිනයේ දී බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

මේ අතර, QR කේත ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් මෙරට තෙල් පරිභෝජනය 20%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, දෛනිකව මෙරට ඩීසල් පරිභෝජනය මෙක්ට්‍රික් ටොන් 4,800ක් වන අතර, පෙට්‍රල් පරිභෝජනය මෙක්ට්‍රික් ටොන් 4,045ක් වන බවය.

QR කේත ක්‍රමවේදය හදිසියේ රට තුළ ඇති කළේ ඒ මොහොතේ නිර්මාණය වන පෝලිම් නැති කිරීමේ අදහසින් බවද පැවසු සභාපතිවරයා, තහවුරු කළ තෙල් ලබන මාසය වනවිට ප්‍රමාණවත් වන බවත් පැවසීය.

"අපිට ගබඩාවේ තිබුණ තෙල් සහ මාර්තු මාසයේ ලැබෙමින් පවතින තෙල්, යුද්ධය බලපාන්නේ නැතුව එනවා කියලා තහවුරු කරපු තෙල්වල එකතුවෙන් තමා දවස් ගාන කිව්වේ. අපිට තාම Crude oil එන ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි තහවුරු කරලා තියෙනවා ලබන මාසේ අවසන් සතිය දක්වා යන්න පුළුවන්. එතැනින් එහාට අපි යන්න නම් මේ වෙනවිට නැව් ටික අපි සම්පූර්ණ කළ යුතුයි. අද තීරණාත්මක දවසක්. මේ අර්බුදය මතු වුණ ගමන් අපි Crude oil එක වෙනස් කළා. ඒ නිසා අපිට මේ තියෙන තෙල් ප්‍රමාණය අපි දන්නේ නෑ යුද්ධෙ කොතැනට යයිද කියලා.මුළු ලෝකයම මේකට සුදානම් වෙනවා. ඒ නිසා අපි මේක සුරක්ෂිත කරලා, දැන් යම් කැපකිරීමක් කළොත් අපිට පුළුවන් මේ අවදානමෙන් එළියට යන්න"

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට