Sri Lanka
දිට්ඨා සුළිං කුණාටුවෙ අධාර හොරා කෑ අරණායක රජයේ නිලධාරීනියන්..
2026-03-15 01:45 PM
දිට්ඨා සුළි කුණාටුවෙන් අවතැන් වුවන්ට බෙදා දීමට දුන් ආහාර සහ භාණ්ඩ තොගයක් අරණායක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙකුගේ නිවසේ තිබි අත්අංඩගුවට ගැනීමට විශේෂ වැටලීමකදි පෙරේදා 14 වැනි දින හැකි වි තිබෙනවා.


මෙම අත්අඩංගුවට ගත් භාණ්ඩ දළ වශයෙන් රුපියල් 100000 ක් පමණ වන්නේය. නමුත් මෙම භාණ්ඩ වල නිශ්චිත තක්සේරුවක් කෑගල්ල දිස්ත්‍රීක් කාර්යාලයේ විමර්ශණ අංශය මගින් මේ වන විට සිදු කරගෙන යන බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන අරණායක පොලිස් බල ප්‍රදේශයේ පොල්අඹේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක සහ 33 ක සැකකාරියන් දෙදෙනෙකි. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ ජනතාවට බෙදා දීමට තිබු දේපල සාවද්‍ය පරිහරණය කිරීමේ වරදටය.


කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රීක් ලේකම්වරයාට ලැබුණු තොරතුරකට අනුව අරණායක පොලිස් බල ප්‍රදේශයේ අරණායක සිට මාවනැල්ලට ගමන් කරන විට හමුවෙන පොල්අඹේගොඩ ප්‍රදේශයේ නිවසක මෙවා සගවා සමහරක් පරිහරණයක කිරීමද සිදු කර ඇත.


මෙම පැමිණිල්ලට අදාලව අරණායක පොලිස් ස්ථානයේ පො.ප. දිසානායක නිලධාරියා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශණ ආරම්භ කර ඇති අතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ විමර්ශන නිලධාරීන්ද ඊට එක් වි ඇත. මෙම සැකකාරියන්ගේ නිවාස වල තිබි හමු වු වියළි ආහාර සහ අනෙකුත් උපකරණ වනුයේ කිරිපිටි, පරිප්පු, විදේශ වලින් ලැබුණු චිස්, සීනි, බිස්කට් වර්ග, තේ පැකට් සහ ටින්, නෙස්කැෆේ, කඩල, චොකෝ සහ කුඩා බිස්කට්, පැකට් කරන ලද ආහාර වර්ග කිහිපයක්, කිලීන් විෂබිජ දියර බෝතල්, ෂැම්පෝ, පවුඩර්, ටින් මාළු, සන්පලවර් ඔයිල්, කුකිස් ඔයිල්, නුඩ්ලිස්, මැකරෝනී පැකට්, සබන්, දත් බෙහෙත් සහ ටින් ඇසුරුම් වර්ග රැසක්ම ඔවුන් පරිභෝජනයට හෝ වෙළෙඳාමට සිය නිවාස වලට ගෙන ගොස් ඇත.

කෑගල්ල දිස්ත්‍රීක්කයේ විශාලතම නාය යෑමද වාර්තා වුයේ අරණායක ප්‍රදේශයෙන්ය. මෙයින් නිවාස රැසක්ම හානි සිදු වු අතර ජීවිත හානිද 13 ක් පමණ වාර්තා විය. අධී අවදානම් සහිත නිවාසද රැසක්ද පවති. පවුල් විශාල ප්‍රමාණයක් තවමත් සිටින්නේ බොහෝ අපසුතා රැසක් මැදයි.

මේ ජනතාව විදින දුක් ගැහැට සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි මාධ්‍ය ඔස්සේ මේ ජනතාව රටේ වගකිව යුතු පිරිස් දැනුවත් කරමින් ඔවුන් විදින දුෂ්කරතා රට හමුවේ අනාවරණය කර සිටියාය. අරණායක දිට්ඨා සුළි කුණාටුවෙන් අවතැන් වු සමහර පිරිස් වලට රජයෙන් ලැබිය යුතු පහසුකම් සහ වියළි සලාක ආදියද සමහර අවස්ථා වලදි නොලැබුණු බවද ජනතාව චෝදනා කර සිටියාය.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකාරියන් 15 වැනි දින මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතින බවද පොලිසිය සඳහන් කරයි.

Mawanella Saman Vijaya Bandara
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට