මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම මාර්ගයේ දේවි බාලිකා පාසල ඉදිරිපිට අද 13 උදෑසන රියදුරුට නින්ද යෑම නිසා සිදු වු අනතුරෙන් ලංගම බස් රථයට සහ කැබ් රථයට දැඩි හානි සිදු වි ඇති බව හෙම්මාතගම පොලිසිය පවසයි.
මෙම අනතුර උදෑසන 10.00 ට පමණ සිදු වු අතර අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදු වි නොමැති අතර හෙම්මාතගම සිට මාවනැල්ල දක්වා මගීන් ප්‍රවාහනයේ යෙදි තිබු ලංගම බස් රථයේ කැබ් රථය රියදුරු සිටින ස්ථානයේ සිට බස් රථයේ පසු පස රෝදය දක්වා ගොස් නැවති තිබුණි.
පසුව හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් අනතුර සිදු වු ස්ථානයට පැමිණ අවශ්‍ය නිතීමය කටයුතු සිදු කර අතර පොලිසිය පැවසුයේ රියදුරුට නින්ද යෑමෙන් සිදු වු අනතුරක් වන බවයි.
ලංගම බස් රථය නිවැරදි මං තීරුවේ ගමන් කරමින් සිට ඇති අතර බස් රථයට නොසිටින්නට පාසල අසල නවතා තිබු බස් රථ වලට මෙන්ම මාර්ගය ආසන්නයෙන් ගමන් කරන ජනතාවට ද හානි විමේ ඉඩ කඩක් තිබුණී. එමෙන්ම පාසල් ඇරි තිබුණු අවස්ථාවක නම් මෙම අනතුර මීට වඩා බරපතල වන බවද ප්‍රදේශවාසීන් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර