Sri Lanka
උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
2026-03-12 04:00 PM
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත් කළ එම නිවේදනය හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බව සඳහන් වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එම නිසා මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍යයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට