Sri Lanka
මහනුවර ජාත්‍යන්තර පාසලක හත් හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට
2026-03-12 03:01 PM
මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයකට යටවීමෙන් එම පාසලේ හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (12) උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස යෑමෙන් අනතුරුව වාහනයේ තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය එක්වරම ක්‍රියාත්මක වී ඇත. එහිදී පාසලේ වතුර පානය කරමින් සිටි, පාසල් දරුවන් දෙදෙනෙකු වාහනයට යටවී ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් වාහනයේ හිමිකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, තමා වාහනය නවතා ඉන් බැසයෑමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට