කල්පිටිය ආශ්‍රිත මුහුදේ මේ දිනවල සැරිසරන ඩොල්fපින් මසුන් දැක ගන්නට දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් එම ප්‍රදේශයට පැමිනෙන ආකාරයක් දක්නට ඇත.
කල්පිටිය ආශ්‍රිත මුහුදේ ජීවත් වන්නේ "දඟර මුල්ලා" නමින් හදුන්වන ඩොල්fපින් මත්ස්‍ය විශේෂය බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි. සෑම වසරකම දෙසැම්බර් සිට එළඹෙන වසරේ මාර්තු මාසය අවසන් කාලය වන තුරු ඩොල්fපින් මසුන් කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයේදී දැක ගත හැක.
කල්පිටිය - කන්දකුලිය, ඉලන්තිඅඩිය ආශ්‍රිත වෙරළ තීරයෙන් බෝට්ටුවක නැගී කිලෝ මීටර් 05 ක් පමණ බටහිර මුහුදට ගමන් කළ විට ඩොල්fපින් මසුන් දැක ගන්නට හැකියාව ඇත.
කුඩා මෙන්ම විශාල රංචු වශයෙන්ද ඩොල්fපින් මසුන් මුහුදේ සැරිසරති. ඒ අතරින් යොවුන් වියේ පසුවන ඩොල්fපින් මසුන් ඉහළට පැන කරණම් ගසන ආකාරයක්ද දක්නට ඇත. තමන්ට සහකාරියක් සොයා ගැනීමේ අරමුණ ඇතිව පිරිමි ඩොල්fපින් සතුන් විසින් කරණම් සංදර්ශණ ඉදිරිපත් කරන බව ධීවරයින්ගේ අදහසයි.
මිනිස් වාසයට වැඩි කැමැත්තක් දක්වන බව කියන ඩොල්fපින් මසුන් තමන්ව දැක ගන්නට සංචාරකයින් පැමිනෙන බෝට්ටු ආශ්‍රිතව ගැවසෙමින් සිටින ආකාරයද මනස්කාන්තය.
ක්ෂීරපායි ඝනයට අයත් ඩොල්fපින් මත්සයින් ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් සිටි අවස්ථාවන්ද පසුගිය කාලයේ වාර්තා විය.