Sri Lanka
ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින්න
6 | 2025-07-19 10:22 AM
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු පවසා සිටියේල මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. ,ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලටල ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එමනිසා අපි ඉල්ලා සිටිනවා ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස. ඒ වගේම අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා, වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ රාජපක්ෂ මහතා පැවසීය. <div><br></div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර