Sri Lanka
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 9 කණුවේ පාලම අබලන් වෙයි
2026-03-11 09:30 AM
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රාදේශයේ ඇති පාලමක් නැවත අබලන් වීම හේතුවෙන් ගමනා ගමන කටයුතු සීමා කර ඇති බව කරුවලගස්වැව පොලීසිය සදහන් කරයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී මෙම පාලම කඩා වැටීමකට ලක් විය.එම අවස්ථාවේදී තාවකාලිකව පාලමක් ඉදිකර දින කීපයක් තුළ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ ගමනා ගමන කටයුතු යාවාත්කාලීන කිරීමට බලධාරීන් කටයුතු කරන ලදි.

කරුවලගස්වැව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් 09 වැනිදා දැක ඇත්තේ මෙම පාලම ස්ථාන තුනකින් පුපුරා ගොස් ඇතිආකාරයයි. අනතුරුව මේ බව මාර්ග සංවර්ධන අධිකාරියේ පුත්තලම විධායක අධ්‍යක්ෂකවරයා වෙත
දැණුම් දීමට කරුවලගස්වැව පොලීසිය කටයුතු කර ඇත.

09 වැනිදා සවස සිට සැහැල්ලු වාහන වලට පමණක් මෙම පාලම මතින් ගමන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දී ඇත.බර වාහන සියල්ල තම ගමනා ගමන කටයුතු සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක්ද කරයි.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට