ඕස්ටේ්‍රලියාවේ ( Australia ) පදිංචි ශ්‍රී ලාංකීක ව්‍යාපාරීකයාගේ මග පෙන්විම යටතේ එරට පුරවැසියන්ගෙන් සහ එරට පදිංචි ශ්‍රී ලාංකීක පුරවැසියන්ගෙන් ශ්‍රී ලාංකීක දිට්ඨා සුළිං කුණාටුවෙන් අවතැන් වුවන් වෙනුවෙන් කෝටි ගණනක වියළි ආහාර එරට සිට මේ රටට ගෙනවිත් බෙදා දීම පසුගිය සතියේ සිදු කරන ලදි.
අරණායක රිවිසඳ පාසලේ ආදී සිසුවෙකු වන දැනට Australia පදිංචිව ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ෂම්මි ෂැමුවෙල් මහතා තම පාසලේ ආදි සිසුන් සමග එක්ම මෙම සත්කාරය සිදු කර අතර අඩු ආදායම් පාසල් දරුවන් මෙන්ම අවතැන් වු දරුවන් වෙනුවෙන් ද පාසල් උපකරණ රැසක්ද පරිත්‍යාග කරන්නට විය.
දිවයිනේ නම් දෙස දිට්ඨා සුළිං කුණාටුවෙන් අවතැන් වුවන් වෙනුවෙන් හලාවත, මීගමුව, අරණායක, වරකාපොල, රඹුක්කන, මොළගොඩ, හත්ගම්පොල, මාවනැල්ල වැනි ප්‍රදේශවලදි මෙම අවතැන් වුවන් වෙනුවෙන් වියළි සලාක බෙදා දීම එතුමා විසින් සිදු කරන ලදි.
වසර ගණනාවක් තිස්සේ ඕස්ටේ්‍රලියාවේ පදිංචි ඒ මහතාගේ බිරිඳ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ එම රටේ දිට්ඨා සුළිං කුණාටුවෙන් අවතැන් වු ලාංකීකයන්ට ආධාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. පසුව එම නගරයේ වැසියන් මෙන්ම ඕස්ටේ්‍රලියාවේ පදිංචි ශ්‍රී ලාංකීකයන් රැසක් දුර බැහැර ප්‍රදේශ වල සිට ෂම්මි මහතාගේ නිවසට එම ආධාර ගෙනවිත් ලබා දී ඒවා පසුව ඇසුරුම් කිරීමටද රාත්‍රී කාලයේ එක් වි සහයෝගය ලබා දී තිබෙනවා.
පසුව එම ආධාර සියල්ල ඒ මහතාගේ වියදමින් ලංකාවට වෙත ආනයනය කර මෙරටට පැමිණ දිවා රාත්‍රී දිවයිනේ නම් දෙස අවතැන් වුවන් සොයා ගොස් ආධාර ලබා දීම සිදු කරන ලදි. එහිදි ඒ මහතා පැවසුයේ එරට පුරවැසියන් ඉතා කැමැත්තෙන් ශ්‍රී ලංකීකයන් වෙනුවෙන් කර හැකි උපරිම දායකත්වය සිදු කරමින් ඒ සඳහා තමන් වෙත හෘදයාංගම සහයෝගය ලබා දුන් බවයි.
අවතැන් වුවන් වෙනුවෙන් අරණායක පැවැති වැඩසටහන අතරතුර එම කටයුතු සිදු කරන අන්දම දැක්වෙන ජායාරූප මෙහි ඇතුලත් කර ඇති අතර මෙම වැඩසටහන සඳහා අරණායක ප්‍රදේශයේ අවතැන් වුවන් රැසක් සහභාගි වි සිටි අතර වැලිමන්න විහාරස්ථානයේදි එය සිදු කරන ලදි.
මෙම දිනයන්හිදි අරණායක රිවිසඳ විද්‍යාලයේ ආදි සිසු කණ්ඩායමක් සහ එතුමාගේ යාළු මිත්‍රයන් කිහිප දෙනෙක් එක්ව මෙම සත්කාරය වෙනුවෙන් එතුමාට සහයෝගය දක්වන ලද අතර ඒ මහතා පැවසුයේ අසරණ ශ්‍රී ලාංකීයන් වෙනුවෙන් කර හැකි උපරීම දායකත්වය එරට පුරවැසියන් මෙන්ම ශ්‍රී ලාංකීයන් සමග එක්ව සිදු කරන බවයි එවැනි යහපත් කටයුතු වෙනුවෙන් ඔවුන්ට ඉතා කැමැත්තෙන් සහයෝගය ලබා දෙන බවද පැවසීය.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර