Sri Lanka
රුවන්වැල්ලේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
2025-07-19 08:01 AM
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන ඇසල පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. එම පෙරහර අද 19 රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පෙරහර ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙස සිට පැමිණල රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතව ඇති. ඒ අනුව මෙම කාල සීමාව තුළදී මෙම මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය ඉල්ලා සිටිනවා. පෙරහර ගමන් කරන කාලය තුළදී මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කෑගල්ල කරවනැල්ල මාර්ගය වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. කෑගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහන වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී පරුස්සැල්ල යටියන්තොට මාර්ගයේ ගමන් කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ. අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හරහා ගෝනගල්දෙනිය නිට්ටඹුව මාර්ගයට පිවිස දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට