අද 19 වැනි දිනයේ බස්නාහිරල සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව පළාතේත් නුවරඑළියල මහනුවරල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද පැවසේ.
උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිරල සබරගමුවල දකුණුල වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින්විට හමන පැගකිගමීග 50-60ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන බවය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී 35-45 පමණ වේ. පුත්තලම සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැගකිගමීග 60-70 පමණ දක්වා ඉහළ යා හැකිය.
පුත්තලම සිට මන්නාරමල කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී 50-55 පමණ දක්වා ඉහළ යා හැකිය. පුත්තලම සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වෙයි.
ඉදිරි පැය 24 සඳහා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී. මෙය ගොඩබිමට එන රළ උස නොවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කරයි.