Sri Lanka
අද ඇයගේ දිනයයි.
2026-03-08 08:56 AM
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම දිනය වෙන් කර ඇත.මෙය හුදෙක් සැමරුමක් පමණක් නොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ ව්‍යාපාරයක්ද වේ.

පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින අමෙරිකාවේදී සමරා ඇති අතර 1910දී ජර්මානු ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස යෝජනා කළ බවත් සඳහන් වේ.පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරූ බවත් වාර්තා වේ.

ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රධාන වර්ණ තුනකින් භාවිතා වන අතර දම්, කොළ සහ සුදු පැයැයෙන් එය නිරූපණය වේ.දම් පැහැයෙන් යුක්තිය සහ ගෞරවය සංකේතවත් කරන අතර කොළ පැහැයෙන් බලාපොරොත්තුව සංකේතවත් කරයිඑමෙන්ම සුදු පැහැයෙන් පිරිසිදු බවද සංකේතවත් කරන බවද සඳහන් වේ.

මේ අතර ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වන බවය.
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට හිමිකම් කියූ නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවන් ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් සාධනීය පියවරයන් රැසක් තබා ඇති බවත් ඇය සිය සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර තිබේ.

G.P.G. Yomali Thathsarani Weerasekara
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට