Sri Lanka
ඉරානයට අද දින‍ය තුළ ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්
2026-03-07 09:00 PM
ඉරානයට අද (07) දින‍ය තුළ දී ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය "තම මැදපෙරදිග අසල්වැසියන්ගෙන් සමාව අයැද යටත් වී ඇති බවත්, මින් ඉදිරියට ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති බවත්" ය. එමෙන්ම, "මෙම පොරොන්දුව ලබා දුන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ නොපසුබස්නා ප්‍රහාර හේතුවෙන් පමණක්" බවත් එහිදී ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඉරානය තම අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කර නොමැති අතර, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට ද වාර්තා වේ.

සිය සටහන අවසානයේ ට්‍රම්ප් මෙසේ පවසයි "අද දින ඉරානයට ඉතා දරුණු ලෙස පහර දෙනු ඇත!

"මෙතෙක් කල් ඉලක්ක කිරීමට සලකා නොබැලූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම්, සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සහ ස්ථිර මරණය ළඟා කරවීම සඳහා මේ වන විට දැඩි ලෙස සලකා බලමින් පවතින" බව ද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට