Sri Lanka
2026 සංචාරක ආකර්ශනය වාර්තා ගත ලෙස වැඩි වෙයි.
2026-03-04 08:58 AM
පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් පැමිණ ඇති අතර එය 17%කි. තවද, එක්සත් රාජධානියෙන් 30,788, රුසියාවෙන් 23,099ක්, ජර්මන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 556,655කි. ඒ අතරින් සංචාරකයින් 99,740ක් ඉන්දියාවෙන්, 50,233ක් රුසියාවෙන් සහ 60,328ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Yomali Thathsarani Weerasekara
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට