පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 වැනි දින මධ්‍යම රාත්‍රීයේ අරණායක අම්බලකන්ද මාර්ගයේ අඩි 200 කට වැඩි දුරක් ප්‍රධාන මාර්ගය මැදින් පැලි ගොස් තිබෙනවා.
දිට්ඨා සුළිං කුණාටුව හේතුවෙන් පසුගිය වසරේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ විශාලතම නාය යෑම වාර්තා වු අරණායක මෙම මාර්ගයෙන් ගමන් කරන ප්‍රදේශ කිහිපයක ජිවිත හානි 13 එම කාලයේදි වාර්තා විය. මෙම මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය ගොස් ප්‍රධාන මාර්ගය අවහිර වු අතර නැවත යහපත් කාලගුණය නිසා නාය ගොස් මාර්ගය හානි වු ස්ථානයක ඇලක් හරස් වි ප්‍රධාන මාර්ගය දිගේ ජලය පැමිණ මෙම හානිය සිදු වි තිබුණි.
ජනතාව පවසන්නේ නාය ගිය ස්ථාන නිසි ලෙස පිළිසකර නොකර එම ස්ථාන වල ජල බැස්ම නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මෙම හානිය සිදු වි ඇති බවයි. කෙසේ වෙතත් මෙම මාර්ගය මෙලෙස අවහිර විම නිසා ජනතාව දැඩි පිඩාවට පත් වි ඇත.
දෝතල්ඔය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක්ද ඇති නිසා එහි වැඩ කරන පිරිසද මේ නිසා අපහසුතාවයට ලක් වි ඇත. විකල්ප මාර්ග තිබුණත් ඒවායේ බර වාහාන ගමන් කිරීමට නොහැකි වන අතරම එම මාර්ගයද සමහර ස්ථාන වලින් පස් කදු කඩා වැටිම් සිදු වි ඇත.
කෙසේ වෙතත් පසුගිය දිට්ඨා සුළිං කුණාටුව හේතුවෙන් අරණායක මෙම මාර්ගයේ පිහිටා ඇති ගම්මාන වල අම්බලකන්ද, දෝතල් ඔය, සුළං කපොල්ල, ගංතුන වැනි ගම්මාන වල ජනතාවගෙන් පිරිසක් කඳවුරු වල ජිවත් වෙන අතර පිරිසක් කුලි නිවාස වල ජිවත් වන්නේය. පුර්ණ හානි නිවාස 54 ක්ද අධී අවදානම් පවුල් 450 ක් සිටින්නේද මෙම ගම්මාන වලයි. අධික වැසි තත්වයන් වලදි ඔවුන් ඉවත් වි සිටියත් දෝතල් ඔය ප්‍රදේශයේ ජනතාව අවදානමක් නොමැති නිසා තේ කර්මාන්ත ශාලාව නිසා සිය ජීවන උපාය සිදු කරගෙන යයි.
අරණායක ප්‍රාදේශිය ලේකම් කලාපයට අයිති බල ප්‍රදේශයක් වන අතර දෝතල් ඔය හරහා ගොස් මධ්‍යම පළාතේ නාවලපිටිය, දෝළොස්බාගේ වැනි ප්‍රදේශවලට අතුරු මාර්ග ඇතත් ඒවා සංවර්ධන නොවු මාර්ග වන්නේය.
කෙසේ වෙතත් පැවැති වැසි තත්වය නිසා හෙම්මාතගම ගම්පොල මාර්ගයේද ස්ථාන කිහිපයක නාය ගිය ස්ථාන කිහිපයක පස් පැමිණ මාර්ගයේ ගමන් කිරීමට අපහසු වන ලෙස ප්‍රධාන මාර්ගයට එක් වි තිබුණි. පසුව ඒවා ඉවත් කරත් මාර්ගයේ කාණු පද්ධති සහ බොක්කු යනආදිය තවමත් ජලය බැස යෑමට නොහැකි ලෙස පැවැතිම ඉදිරි වැසි තත්වයන් වලදි නැවත මාර්ගයේ අවදානම් සහිත තත්වයක් ඇති කිරීමට සමත් වන බවද එම ප්‍රදේශවල ජනතාව පවසති.
ජායාරූප සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර