Sri Lanka
දිවයින පුරා විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 1461ක් අත්අඩංගුවට
2025-07-18 07:40 PM
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 1461ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ආරක්ෂක නිලධාරීන් 14000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇත. එහිදී වාහන 46ක් හා යතුරුපැදි 51ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය පැවසුවේ මෙම මෙහෙ‍යුම හරහා අපරාධ සඳහා සෘජුව දායකත්වය ලබාදුන් පුද්ගලයන් 107ක් හා ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගත් බවය. එමෙන්ම හෙරොයින්ල අයිස්ල ගංජා හා නීති විරෝධී මත්පැන් ද මෙහිදී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට