ගන්දර, දෙවුන්දර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසලදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 'ඩිලයිට්' නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බව සඳහන්.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු බවට පොලිසිය සැක කරනවා.
මෝටර් රථයකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිලිමිටර 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.