Sri Lanka
වසර 50කට පසු සඳ තරණයට සැරසෙන ARTEMIS - II
2026-02-21 04:01 PM
1972 වසරින් පසුව මිනිසුන් සඳවෙත ගෙන යෑමට නියමිත නාසා ආයතනයේ 'ARTEMIS - II' මෙහෙයුම මාර්තු 6වනදා දියත් කිරීමට නියමිතය.

අදාළ මෙහෙයුම දියත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ දිනයට සති කිහිපයකට පසුව මෙම තීරණය ගැනීම සුවිශේෂීය.

ඒ අනුව මෙහෙයුම සඳහා යොදාගන්නා රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලොරීඩා හි රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා ඇති අතර, ඊට අවශ්‍ය දහන ඉන්ධන පිරවීමේ දෙවැනි පරීක්ෂණ වටය ඊයේ (20) පැවැත්විණි.

මීට පෙර ඉන්ධන පිරවීමේදී හඳුනාගත් දෝෂ හේතුවෙන් මෙලෙස දෙවැනි පරීක්ෂණ වටයක් පැවැත්වීමට නාසා ආයතනයට සිදුව ඇත.

මෙම රොකට්ටුවට ඉන්ධන ගැලුම් 730,000ක ප්‍රමාණයක් පිරවිය හැකි බව වාර්තා වේ.

ARTEMIS - II මෙහෙයුම මගින් ගගනගාමීන් සිව් දෙනෙකු සඳවටා ගමන් කර ආපසු පැමිණීමට නියමිතව තිබේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට