කෑගල්ල දිස්ත්‍රීක්කයේ ප්‍රධානතම නාය වාර්තා වු අරණායක අම්බලකන්ද සහ ගංතුන යන ප්‍රදේශ දෙකේ පදිංචි ජනතාව අන්ත අසරණ වි ඇත්තේ ඔහුගේ ප්‍රශ්න වලට තාම රජයෙන් නිසි සොයා බැලිමක් සිදු නොකිරීම නිසාවෙනි. තවමත් සමහර මාර්ග වාහාන ගමන් කිරීමට නොහැකි වන අතරම බොහෝ පිරිසක් සුරක්ෂිත කඳවුරු වල දිවි ගෙවන්නේ සිය දෛනික දිවි පැවැත්ම දිට්ඨා සුළිං කුණාටුවෙන් පසුව අන්ත අසරණ තත්වයකට පත් විම නිසාය.
මෙම නාය යෑම නිසා ජිවත හානි 13 ක් වාර්තා වි තිබු අතර පූර්ණ හානියට පත් වු නිවාස ගණන 54 ක් වන අතර අධි අවදානම් සහිත නිවාස 450 කි. පසුගිය දිනක අප එහි සංචාරය කරන ලද අවස්ථාවේ මේ සමබ්න්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව මෙන්ම රජයේ වගකිමක් දරණ නිලධාරීන්ගේ අදහස් දැන ගැනීමට හැකි විය. ඒ අනුව ඔහුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය ගැටලු ගැන අපි සමග පැවසුවාය.
ඒ.ඩබ්.කාන්ති ගුණතුංග
අපිට මේ මාස දෙකට කියලා හම්බවුනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් දුන්න බඩු මල්ල සහ වැලිමඩ පන්සලෙන් දුන්න බඩු මල්ල විතරයි. ආය කිසිම දෙයක් අපිට හම්බුනේ නැහැ. දැන් ඉන්නේ කුලියට. උස්සාපිටිය රිවිසඳ ස්කොලේ තිබුණු සුරක්ෂිත කඳවුරේ හිටියේ දවස් තුනක් මට අසනීප තත්වයන් තියනවා ඒවාට ක්ලිනික් වාගේ දේවල් වලට යන්නත් ඔනෑ. සීනි තියෙන නිසා සුරක්ෂිත කඳවුරු වල ඉදලා තුවාලයක්හම හැදුනොත් අමාරුයිනේ. නමුත් කුලියට හිටියාට කිසිම සහනයක් තාම ලැබුණේ නැහැ. කුලි සල්ලි ගෙවනවා කිවොත් එකත් ලැබුණේ නැහැ. තේ කෑල්ලම ගිහිල්ල තියේ ඔක්කොම මොකවත් අපිට නැහැ අදායමක් නැහැ පවුලේ හතර දෙනෙක් ඉන්නවා රැකියාවක් කිසිම කෙනෙකුට නැහැ. නැදෑයෝ දෙන මුදල් වලින් තමයි අද ජීවත් වෙන්නේ.
එන්.එස්.පී වීරසිංහ
අපේ ගෙවල් වලට ඒහා පැත්තෙන් නාය දෙකක් ගියා. අපේ ගෙවල් අවදානම් කියලා අයින් කරලා තියෙන්නේ. මගේ ළමයි දෙන්නේක් ඉන්නවා ආබාධිතයි. අපි ජිවත් වුනු අරණායක ගං තුන කියන ගමට අපිට ගිහින් ජීවත් වෙන්න බැහැ, මෙහෙම වැස්ස දවසට අයින් වෙව් යන්න එන්න පාරක් නැතිව ගමේ මිනිස්සු නැතිව අපිට ඉදලා වැඩක් නැහැ අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපිට මොනවා හරි සහනයක් දෙන්න කියලා. ඊටත් වැස්ස දවසකට ළමයෙක් පාසල් යවන්නේ කොහොමද මේ කදු පාරවල් වලින් එන්න යන්න ඔනෑ ජීවිත අවදානමක් තියාගෙන. ඒ නිසා අපේ අසරණ කම ගැන හිතලා සහනයක් ලබා දෙන්න.
එච්.පී.සම්පත් තිලකරත්න
මාගේ දරුවෝ පාසල් යනවා අපිට මේ ගමේ දැන් ජීවත් වෙන්න විදිහක් ඇත්තේම නැහැ. ඒ නිසා මම කියන්නේ අපිට රජයෙන් ඉක්මන් විසදුමක් ලබා දෙන්න කියලා. ඒ වාගේම සමහර නිවාස අවදානම් සහ අවදානමක් නැති නිවාස නම් කරලා තිබුණාට එම පරීක්ෂණ ගැන අපිට සැහීමකට පත් වෙන්න බැරි විදිහේ තීරණ තියෙනවා.
එච්.පී.සෝමපාල සහ ඔහුගේ බිරිඳ අදහස් දක්වමින්
2016 නායටත් ගංතුන අපි ඉන්න කොටසේත් නිවාස 13 ක් ගියා. ඒ ගෙවල් වලට සහ අවදානම් සහිත ගෙවල් වලට වන්දි සහ නිවාස ලැබුණත් අපිට ලැබුණේ නැහැ. මේ පාර නායට මාගේ ගෙදර ගියේ නැතිවට ඊට අඩි කිහිපයට ඇතින් නාය ගිහින් තියෙනවා මහ විශාල වශයෙන් නමුත් දැන් මාස දෙකක් වෙනවා අපිට කිසිම සහනයක් තාම නැහැ. කඳවුරු වල ඉන්නත් බැහැ සොයා මීට් සහ බත් කාලා. අපිටත් දැන් වයස නිසා ලෙඩ අපිට රජය පැත්තෙන් මොනවා ද කරන්නේ කියලා මාස දෙකක් ගත වෙන්න ආවත් කියන්නේ නැහැ. ඒ වාගේම අපිට වතුර පොදක්වත් නැහැ බොන්න. මේ ගමේ අයට කිසිම සාධාරණයක් වේලා නැහැ. ඊළග පාර නායක් ආවොත් අපි යට වේලා මැරිලා යයි. දරුවෝ විවාහ වේලා ඉන්නේ ඒ අය ගාවත් අපිට හැමදාම ගිහින් ජිවත් වෙන්න බැහැනේ.
සටහන සහ ජායාරූප සමන් විජය බණ්ඩාර