වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය නොමැති කම නිසා ආණමඩුව - කොට්ටුකච්චිය ග්‍රාමීය රෝහල මහජන සේවයෙන් මිදී අකර්මන්‍ය වී ඇති බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි.
හිටපු ආග්‍රාමාත්‍යවරයෙකු වන ඩී.එස්.සේනානායක මහතා කොට්ටුකච්චිය ගොවි ජනපදය ආරම්භ කිරීමෙන් අනතුරුව 1950 දශකයේ මෙම රෝහල ආරම්භ කර ඇත.ආණමඩුව සහ පුත්තලම නගර වලට මැදිව ඇති කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහල තුළින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11 ක ජනතාව සෞඛ්‍ය සේවාවන් ලබා ගෙන ඇත.
දෛනික බාහිර ප්‍රතිකාර වලට අමතරව මාතෘ හා ළමා වෛද්‍යසායන,දන්ත සායන ඇතුළු සේවාවන් රැසක්ද මෙම රෝහල තුළින් ප්‍රදේශයේ මහජනතාවට පසුගිය කාලයේ ලැබී ඇත.හදිසි රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීම සදහා ගිලන් රථ සේවාවක්ද මෙම රෝහල තුළ පවත්වා ගෙන ගොස් ඇත.එමෙන්ම අවශ්‍යතාවය මත නේවාසික පහසුකම්ද රෝගීන්ට ලබා දීම සදහා වාට්ටු දෙකක්ද රෝහල තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.ඒ සියල්ල මේ වන විට නැවතී ඇත.
මීට වසර කීපයකට පෙර ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සිදු කළ කොට්ටුකච්චිය රෝහල තුළ මේ වන විට සේවය කරමින් සිටින්නේ හෙද නිලධාරීණියක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණියන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකුගෙන්ස මන්විත කාර්ය මණ්ඩලයක් පමණි.රෝහලේ සේවය සදහා යොමු කර සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන්එ ක් අයෙකු විදේශ ගත වී ඇත. අනෙක් වෛද්‍යවරයා පෞද්ගලික නිවාඩු ලබා ගෙන ඇත.ස්ථාන මාරුවීමක් ලබා ගිය දන්ත වෛද්‍යවරයා වෙනුවට අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමට බලධාරීන් කටයුතු කර නැත.එම හේතුවෙන් දන්ත වෛද්‍ය ඒකකය වසරක පමණ කාලයක සිට වසා දමා ඇත.අනුප්‍රාප්තික වෛද්‍යවරුන් පැමිණ සායන කටයුතු සිදු කළත් නිරේද්ශ කරණු ලබන ඖෂධ ලබා දීම සදහා ඖෂධවේදියෙකු නොමැතිකමද ගැටළුවක් වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.
කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහලේ පවතින
කනගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා දැණුවත් කිරීමට කටයුතු කර ඇත. එම දැණුම් දීම මත පසුගියදා අමාත්‍ය චන්දන අබේරත්න මහතා කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහල තුළ නිරීක්ෂණ චාරිකාවකනිරත විය.
රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට නිසි සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට නොහැකි බව ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද තමන්ට රාජකාරි කිරීමේදී ඇති දුෂ්කරතාවය ඇමතිවරයාට පෙන්වා දුන්නේය.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය චන්දන අබේරත්න මහතා එම අවස්ථාවේදීම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සමග දුරකතනයෙන් සාකච්ඡා කර ඇත.දන්ත වෛද්‍යවරයෙකු සතියකට වරක් පුත්තලම රෝහලෙන් ලබා දීමටත්,වෛද්‍යවරුයෙකු සහ ඖෂධ සංයෝජකයෙකු කඩිනමින් ලබා දීමටත් ආණ්ඩුකාරවරයා එම සාකච්ඡාවේදී එකගතාවය පළ කර ඇත.