Sri Lanka
වෛද්‍යවරයාගෙන් රෝහලට පරිත්‍යාගයක්
2026-02-16 12:52 PM
හලාවත මහා රෝහලේ ශල්‍යෙ වෙද්‍ය ඒකකය සදහා රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා ඇදක් කැනඩාවේ බැරිස්ටර්වරයෙකු ලෙස කටයුතු කරණ ආර්.ඒ.ජයසිංහ මහතා විසින් පසුගියදා බාර දෙන ලදි.

ආර්.ඒ.ජයසිංහ මහතා හලාවත මහා රෝහලේ ශල්‍යාගාරයේදී පළමු සිසේරියන් දරුවා ලෙස මෙලොවට බිහිවී ඇත්තේ 1959 දෙසැම්බර් මස 11 වැනිදාය.

ස්ත්‍රීරෝග (එවකට) විශේෂඥ වෙද්‍ය නලීන් රුද්රීගු මහතා විසින් එම සිසේරියන් සැත්කම සිදු කර ඇත.වසර 18 ක කාලයක් කැනඩාවේ බැරිස්ටර්වරයෙකු ලෙස සේවය කරන 66 හැවිරිදි ජයසිංහ මහතා නැසීගිය දේශීය වෛද්‍යආර්.ඒ.අමරසිංහ සහ එච්.පී.ලීලාවතී මහත්මියගේ දෙටු පුතණුවන්ද වන්නේය.

ආර්.ඒ.ජයසිංහ මහතා විසින් ශල්‍ය වෛද්‍ය ඒකකය සදහා භාවිතා කරන ඇද හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත බාර දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.

ජුඩ් සමන්ත‍-හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට