Sri Lanka
දැරණියගල මාලිබොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරබේ.
2025-07-18 12:56 PM
වසර 30කට ආසන්න කාලයකින් නිසි පිළියමක් නොමැතිව තිබූ දැරණියගල මාලිබොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු අද දින දැරණියගල පොත්දෙනිකන්දේදී ආරම්භ කෙරුණු අතර ග්‍රාමසේවා වසම් 8කට අයත් මෙම මාර්ගය වසර ගණනාවක සිට දැඩිසේ අබලන් තත්වයක පැවති ඇති අතර විවිධ රජයන් යටතේ මෙහි සංවර්ධන කටයුතු විවිධ අවස්ථාවලදී ආරම්භ වුවත් එය නැවතී ඇත.
ලංකාවේ වැඩිම වර්ශාපතනය ලැබෙන මෙම මාලිබොඩ ප්‍රදේශය හරහා ශ්‍රී පාදය කරුණා කිරීම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණේ සප්ත කන්‍යා කදු මුදුණට මායිම්ව ඇලි හත පිහිටා ඇති මෙහි සුන්දරත්වය වල් වැදී ජනතාවගේ ආකර්ෂණය අඩු වී ඇත්තේ මෙම මාර්ග පද්ධතියේ ඇති දුබල කම නිසාවෙනි .
අද දින ජාතික ජනබලවේගයේ දැරණියගල ආසන සංවිධායක අනුරාධ නුවන් මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් මේ සදහා වියදම් කරයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට