Sri Lanka
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද
2026-02-11 09:36 AM
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව එලෙස අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තැබිණි.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාග කෙරිණි.
පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස නඩු පවරා තිබුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට