Sri Lanka
සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදාන කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අදය
2026-02-06 11:16 AM
'දිට්වා' සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදුවූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරිමට සහ වන්දි ප්‍රදානය කිරිම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) මහනුවරට පැමිණීමට නියමිතය.
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කිහිපයක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.මේ අතර මහනුවර - යාපනය A-9 මාර්ගයේ මහයියාව උමං මාර්ගයෙහි ඉදිකිරීම් ඇරඹීම සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (7) යළි ඇරඹීමද නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍යය අංශය සදහන් කළේ, 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි සිදුවූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීම කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවය.
ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 2 බැගින් ලබාදීමට නියමිතව ඇත.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට