මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම පාලනය කළ හැකි එකම ක්‍රමය ආසන මුදලට විකිණීම තහනම් කිරීම බව මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි.
දළදා මාලිගාවේ දී පෙරේදා 16 පැවැති පෙරහර සාකච්ඡාවේ දී නගරාධිපතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
ආසන මුදලට විකිණීමට අවසර ලබා දෙනවිට තැරැව්කරුවන් එම ටිකට්පත් ඔවුන්ට හිතූ මුදලට අලෙවි කරනවා.
පෙරහර ආසන රුපියල් 50000 ඉක්මවූ මුදලකට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය තිබියදීත් මෙය පාලනයට කටයුතු නොකරන්නේ නම් ජනතාව ඇඟිල්ල දිගු කරන්නේ නගර සභාවටයි.
මහනුවර නගරයේ පෙරහර සංචාරය කරන වීදිවල පවතින ව්‍යාපාරික ස්ථානවල ඉදිරිපස කොටස ඇතැම් ව්‍යාපාරිකයන් ආසන පැනවීම සඳහා රුපියල් මිලියන ගණන්වලට බදු දෙනවාග ඒවා බදු පදනමින් ලබා ගන්නා පුද්ගලයන් ඉල්ලුම අනුව ඔවුන්ට හිතෙන මිලට ආසන විකුණනවා.
පෙරහර ආසන විකිණීමට අවසර නොදෙන බවට පොදු තීරණයක් ගැනීම මඟින් හැර මෙම ජාවාරම නතර කළ හැකි වෙනත් ක්‍රමයක් නැහැ.
ආසේල කුරුළුවංශ