Sri Lanka
ලෝක තෙත්බිම් දිනය අද
2026-02-02 08:32 AM
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ ලෙස රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මගින් නම්කරන ලද අතර, ලෝක තෙත් බිම් දිනය, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද පිළිගනු ලැබීය.

1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹි අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීය.

ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියා හා මානව යහ පැවැත්ම සදහා තෙත් බිම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ.
තෙත්බිම්වල ජලය ගබඩා කරන අතර ගංවතුර පාලනය කිරීම, සහ පාරිසරික හානි වල අවධානම අඩු කිරීම ද තෙත් බිම් මගින් සිදු වේ.

මෙවර ලෝක තෙත්බිම් දිනයෙහි තේමාව ලෙස සදහන් කර ඇත්තේ, 'තෙත්බිම් සදහා ක්‍රියා කරන්න ස්වාභාවික පරිසරය සදහා ක්‍රියා කරන්න' යන්නය.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට