Sri Lanka
සංචාරක පැමිණීම ඉහලට.
2026-01-28 08:12 AM
2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483 ක් බවද අධිකාරිය පවසයි.මේ දින 25 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 41,603ක් වාර්තා වේ.

ඊට අමතරව, රුසියාවෙන් 22,876 දෙනකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු මෙරටට පැමිණි බවද සඳහන් වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට