Sri Lanka
ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ' ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්
2026-01-27 03:15 PM
මධ්‍ය කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වසරේදි විශේෂ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම වැඩසටහන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම අධිකාරියට, කෘෂි කර්මාන්ත, වාරිමාර්ග, වනජිවී වන සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් හා යළි පදිංචි කිරීම් යන සියලුම සැලසුම් නිර්මාණය කිරීම සඳහා බලය ලබා දෙන බවය.
මේ හරහා පූර්ණ රැකවරණය හා බලය ලබා දෙන ශක්තිමත් නීතියක් සකස් කිරීමට භාර දී ඇති බවත් ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව මධ්‍ය කඳුකරය මුළුමුනින්ම එම අධිකාරිය විසින් බලා ගත යුතු අතර ක්‍රියාත්මක කරන සියලු සැලසුම් සඳහා එම අධිකාරියෙන් අවසර ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එම සැලසුම් හා උපාය මාර්ග කුමන හෝ තැනක බිඳ වැටෙන්නේ නම් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි බලය ලබා දෙමින් එම අධිකාරිය පිහිටුවන බවය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට